Friday, September 20, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය දැන් තරග බිමේ




ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර තීරණාත්මක තරගය මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ බර්මින්හැම්හිදීයි. 

කාසියේ වාසිය හිමි කර ගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන්නේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි. 

නියමිත පන්දුවාර 50 තුළ ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් කඩුලූ 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා. 

ට‍්‍රවිස් හීඞ් පන්දු 64කදී ලකුණු 71ක් රැස් කළා. 

ආරෝන් ෆින්ච් ලකුණු 68ක් රැස් කළේ පන්දු 64කදීයි. 

ඒ 04 පහර 08ක් ද සමගයි. නායක ස්ටීව් ස්මිත් පන්දු 77කදී ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා. 

කෙසේ වෙතත් ඔස්ටේ‍්‍රලියානු මැද පෙළ පිතිකරුවන් කිහිප දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට එංගලන්ත  පන්දු යවන්නන් සමත් වුණා. 

මේ හේතුවෙන් ඔස්ටේ‍්‍රලියානුවන්ට ලකුණු තුන්සියයේ සීමාව ඉක්මවා යාමට හැකි වූයේ නැහැ. 

මාර්ක් වුඞ් ලකුණු 33කට කඩුලූ 04ක් බිද හෙළුවා. 

අදිල් රෂීඞ් ලකුණු 41කට කඩුලූ 04යි.

 

...............................................

10-06-2017 16:31

ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය   අතර තීරණාත්මක තරගය ආරම්භ වී තිබෙනවා. ඒ බර්මින්හැම්හිදීයි.

කාසියේ වාසිය හිමි කර ගත් එංගලන්ත   කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනූව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස තිබෙනවා.

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔස්ටේ‍්‍රලියාව මෙම තරගය අනිවාර්යයෙන් ජග ගත යුතු වනවා.