Friday, September 20, 2024

General line - 0115112241

තෘණ ප‍්‍රවාහනය කළ ලොරියක් මහපාරේ ගිලා බසී (PHOTOS)




කන්ටේනර් රථයක් ගිලා බැසීමෙන් තලවකැලේ ඩයගම ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙනවා.

තලවකැලේ සිට ඩයගම සත්ත්ව ගොවිපළ දක්වා ටොන් විසි අටක තෘණ ප‍්‍රවාහනය කළ කන්ටේනර් රථයක් එලෙස ගිලා බැස ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනූව කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් එම මාර්ගයේ ධාවනය වන සැහැල්ලූ වාහන පමණක් තලවකැලේ තේ පර්යේෂණ ආයතන මාර්ගයේ හෝ තලවකැලේ නානුඔය මෙරායා මාර්ගය භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.