Friday, September 20, 2024

General line - 0115112241

කටාරයේදී විශේෂ සාකච්ඡාවකට ශ්‍රී ලාංකික සංවිධාන 22 ක් රැස්වෙයි




කටාර් රාජ්‍ය තුළ විශේෂ තත්ත්වයක් ඇති වුවහොත් ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා කැඳවීමට තීරණය කර තිබෙනවා.

කටාර්හි ශ‍්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ පැවසුවේ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත සංවිධාන 22ක් මෙයට සහභාගි වන බවයි.

ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල සියලු පාර්ශවයන් සමග මේ වනවිටත් මූලික සාකච්ඡා පවත්වා අවසන් බවයි ඔහු කියා සිටියේ.

කටාර්හි වෙසෙන සියලු ශ‍්‍රී ලාංකිකයින්ගේ රැකියාවන්හි කිසිඳු අවදානමක් නොමැති බව ද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.