Friday, September 20, 2024

General line - 0115112241

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ඉල්ලීමක්




පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් ලබා දෙන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව මෙම ඉල්ලීම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ බවයි. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පැවැති බාධා සියල්ල මේ වන විට ඉවත් වී ඇති බවත් අවශ්‍ය කරන සියලු කටයුතු මේ වන විට සූදානම් වී ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.