Saturday, July 27, 2024

General line - 0115112241

අද සිට මංතීරු නීතිය දැඩිවන හැටි පොලිසියෙන් දැනුම්දීමක්




කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් රථ වාහන සඳහා වූ මංතිරු නීතිය අද (12) සිට යළි ක‍්‍රියාත්මක වනවා. 

පොලිසිය පැවසුවේ අද දිනයේ සිට මංතීරු නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවත්, රියදුරන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් බවට මංතීරු නීතිය පත් කිරීම අරමුණ බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරෙනවා. 

කිසියම් රියදුරෙකු මංතීරු නීතිය කඩ කළහොත් ඔහුට ලබාදෙන දඬුවම කුමක්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

කොළඹ සහ ඒ අවට තදාසන්න ප‍්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අරමුණක් බවද පොලිසිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.