පිලියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ සැකකරු රිමාන්ඞ්.
පිලියන්දල ප‍්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සහය දුන් බවට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු ඉකුත් සෙනසුරාදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කැකිරාව බස් නැවතුම්පලේ සිටියදීයි.
ඔහු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසුවා.
ඉකුත් මැයි මස 9 වැනිදා පිලියන්දල ප‍්‍රදේශයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු සහ කුඩා දැරියක් ඝාතනයට ලක් වුණා.
එහි දී තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලැබුවා.