Thursday, May 2, 2024

General line - 0115112241

ඇමති තුමා, තැපැල් කාර්යාල හොටෙල්වලට විකුණනවාද ? - තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා අසයි




තැපැල් කාර්යාල පවත්වාගනෙ යන ගොඩනැගිලි සංචාරක හෝටල් ආරම්භ කිරීම සඳහා ලබා දීමට සූදානම් වන්නේ නම් තමන්  ද ඊට විරුද්ධ වන බව තැපැල් නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විෙජ්සේකර පවසනවා. 

ඔහු මෙම අදහස් පල කළේ වෘත්තීය සමිති සිදු කරන ප්‍රකාශයන්ට බලධාරීන්ගේ පාර්ශවයේ මතය කුමක්දැයි කළ විමසීමකදීයි. 

වෘත්තීය සමිති ප්‍රකාශ කළේ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ කොටුව යන තැපැල් කාර්යාලවල පවත්වාගෙන යන ගොඩනැගිලිවලින් තැපැල් කාර්යාල ඉවත් කර ඒවා සංචාරක හෝටල් වෙනුවෙන් ලබා දීමට සූදානම් වන බවයි. 

එහෙත් තැපැල්පති රෝහණ අබේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැගිලි විකිණීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. 

කෙසේ වෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ දැනටමත් තැපැල් කාර්යාල ගොඩනැගිලිවල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති බවයි. 

ඊට විරෝධය පල කරමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී තවත් නොබෝ වේලාවකින් ඔවුන් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. 

අද මධ්‍යම රාත්‍රී 12 සිට ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සියලූ තැපැල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද සූදානම් වන්නේ මෙම විකිණීමට විරෝධය පළ කරමින්.

ඊට නිසි විසදුමක් නොලැඛෙන්නේ නම් ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යන බවයි ඔවුන් පැවසුවේ.