Friday, September 20, 2024

General line - 0115112241

කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ගුවන් සෙබලෙකු කටුනායකදී අත්අඩංගුවට




රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගුවන් හමුදා සෙබළාගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා. 

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අද අලූයම සැකකරු අත්අඩංගුවට ගැණුනා. 
ඔහු ගුවන් තොටුපලේ රාජකාරී කළ සෙබලෙකු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. 

සැකකාර ගුවන් හමුදා සෙබළා විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු සමඟ සැක කටයුතු ලෙස කතාබහ කරන ආකාරය සී සී ටී වී කැමරා මඟින් නිරීක්ෂණය කළ ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. 

පසුව සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගුවන් තොටුපල රේගුව වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

තිස් දෙහැවිරිදි මෙම ගුවන් හමුදා සෙබලා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු සතුව තිබී සොයා ගැණුනු රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් දෙකකට අධිකයි.