Friday, September 20, 2024

General line - 0115112241

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඥාණසාර හිමි ඉල්ලයි




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා.

ඒ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්.

තමන්ට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය මගින් පරීක්‍ෂණ සිදුකරන බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ දක්වා ඇත්තේ.

එම පරීක්‍ෂණ අවසන් වී නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද එමගින් ඉල්ලා තිබෙනවා.

සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම පෙත්සම ගොණුකර ඇති බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.