Friday, September 20, 2024

General line - 0115112241

ගැබිණි ලේලියට නැන්දම්මාගෙන් අමානුෂික ප්‍රහාරයක්




සිවුමස් ගැබිණියක අමානුෂික ලෙස ගිණි පෙලෙල්ලෙන් පුළුස්සා තුවාල සිදුකළ කාන්තාවක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

එම කාන්තාව මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිය නැන්දම්මාගෙනි. 

බගවන්තලාව ෆ්‍රෙටීරෝසෝ වතුයායේ ෆීඩිලන් කොටසේ  පදිංචි ලෙච්චමන් විජේමණි නැමැති 22 හැවිරිදි මෙම ගැබිණි කාන්තාව සායන කටයුතු සදහා අද (13) බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඇයගේ ශරීරයේ තැනින් තැන ඇති පිළිස්සීම් තුවාල දැක සැක සිතා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී ඒ.එස්.කේ ජයසූරිය මේ බව පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

ඇයගේ දෙඅත්වල පපුවේ සහ හිසේද මේ ආකාරයේ පිළිස්සීම් තුවාල ඇති බවයි රෝහල් බලධාරීන් වැඩි දුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව අදාළ ගැබිණි කාන්තාවගෙන් කරුණු විමසීමේදී ඇය හෙළි කර ඇත්තේ සිය නැන්දම්මා විසින් තමන්ට සිදුකළ වදහිංසා හේතුවෙන් මෙම තුවාල ඇති වූ බවයි.

මේ වන විට ගැබිණි කාන්තාව බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙනවා.

 2013.02.09 වන දින විවහා වි ඇති මෙම කාන්තාවට එක් දරුවෙකු සිටින අතර දෙවැනි දරුවා පිලිසිඳගෙන සිටියදී නැන්දඅම්මා විසින් පහර දීම හේතුවෙන් ඇය ගබ්සා වු බවද හෙළි වී තිබෙනවා.

තම නැන්දම්මා විසින් සිය පුතාටද පහර දෙන නිසා නැන්දඅම්මා තමන්ට සිදුකරන මෙවැනි අමානුෂික කි‍්‍රයා හමුවේ තම සැමියා නිහඬව බලා සිටින බවද ඇය අනාවරණය කර තිබෙනවා.