Friday, September 20, 2024

General line - 0115112241

දඩ ගෙවා ගන්න බැරි සිරකරුවන් ගැන ජනපති තීරණයක් ගන්න සූදානම්




අධිකරණයෙන් නියමූ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් නිදහස් කිරීමට බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා සිරකරු සුබසාධන සංගමයේ සිය වන සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

තමන් සිරගතව සිටි කාලයේ ලද අත්දැකීම් පිළිබදවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත් කළා.

"මම සිරගත වෙද්දි මගේ වයස අවුරුදු 19 ක් විතර ඇති. උසස් පෙළ ලියන්න සූදානමින් හිටියේ. මම නොකළ වරදකට වසර එකහාමාරක් සිරබත් කෑවා. විභාගය ලිවුවෙත් අත් දෙකට මාංචු දාගෙන. ඒ අත්දැකීම මට කවදාවක් අමතක කරන්න බැහැ."