Thursday, February 6, 2025

General line - 0115112241

ලන්ඩනයේ ගින්නට කුඩා දරුවනුත් මැදි වෙලා (VIDEO)




බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන්ෆෙල් මහල් 27කින් යුත්  නිවාස සංකීර්ණයේ අද (14) අලුයම හට ගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 50 ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මියගිය සංඛ්‍යාව කොපමණ ද යන්න මෙතෙක් හෙළිකර නැහැ. 

ගින්නට හේතුව ද නිෂ්චිතව අනාවරණ වී නොමැති අතර, අදාළ ගොඩනැගිල්ලේ නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බවයි පැවසෙන්නේ.