Friday, September 20, 2024

General line - 0115112241

අවශ්‍ය වුනොත් නව නීති ගෙනෙන බව අගමැති කියයි




ආගමික සහජීවනයට එරෙහිව සිදු වන  ක්‍රියා වැළැක්වීමට, අවශ්‍ය වුවහොත් නව නීති හදුන්වාදීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (14) අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

යම් ආගමකට හෝ ජනවර්ගයකට එරෙහිව ප්‍රචන්ඩත්වය භාවිත කරන පිරිස්වලට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ (13) තීරණය කළ බව සදහන් කළ අගමැතිවරයා, ඊට අදාළ උපදෙස් පොලිසියට ලබාදුන් බව ද එහිදී කියා සිටියා.