පසුගියදා හුංගම සහ මහරගම ප්‍රදේශවලදී ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව මේ වන විට සැකකරු වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහු සමග සමීප සබදතා පැවැත්වූ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ ස්වාමින් වහන්සේලා කිහිපනමකගෙන් ඊට අදාළව ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළා.
අත්අඩංගුවට ගත් අදාළ සැකකරු 32 හැවිරිදි අයෙකු වන අතර, ඔහුගේ පියා වෛද්‍යවරයෙකු බවද හෙළි වී තිබෙනවා.
වසර දෙකක පමණ කාලයක් යුද හමුදාවේ සේවය කර ඇති සැකකරු, දැනට දෙහිවල ප්‍රදේශයේ අවන්හලක අරක්කැමියෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවද අනාවරණය කරගෙන තිබෙනවා.
ඔහු 2014 වසරේ සිට බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය කාලයේ බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රැසකටම සහභාගී වී ඇති බවයි.