Friday, September 20, 2024

General line - 0115112241

ඥාණසාර හිමි නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම්




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද (14) අදහස් පළ වුණා.

එහිදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ, ජාතිවාදියෙකු හා ආගම්වාදියෙකු එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සංහිඳියාවට බාධාවක් නොවන බවයි.

ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවකට රජය සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ගැටලුවක් ඇත්නම් එම ස්ථානයට කඩා වැදීමට පෙර රජය සමග ප්‍රථමයෙන් සාකච්ඡා කළ යුතුව ඇති බවයි. 

ප‍්‍රචණ්ඩත්වය වැපිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන වෛරී ප‍්‍රකාශ ඇතුළු හිංසාකාරී ක‍්‍රියා තරයේ හෙළා දකින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.