Friday, September 20, 2024

General line - 0115112241

ලන්ඩන් ගිනි ගත් ගොඩනැගිල්ලේ පිරිසක් සිරවී සිටින බවට සැක - ගොඩනැගිල්ල කඩා වැටීමේ අවධානමකුත්




එංගලන්තයේ ලන්ඩන් නුවර නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ 70 කට වැඩි පිරිසක් රෝහල් 05 ක ප‍්‍රතිකාර ලබනවා.

ඉන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ ඇති අතර එහි 500ක පමණ පිරිසක් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ. 

ගින්න ඇති වී විනාඩි 06 ක් පමණ යන විට පොලිසිය, ගිනි නිවීමේ ඒකක සහ සහන සේවා කණ්ඩායම් අදාළ ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළත් තවදුරටත් ඇතැම් ස්ථානයන් හී ගිනි ගැනීම් සහ දුම් පිටවන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

නිවාස සංකීර්ණයේ ඇතැම් ස්ථානයන් හී තව දුරටත් සිරවුණු පිරිස් සිටිය හැකි බවට එරට බලධාරීන් විශ්වාසය පළ කරන අතර මේ වන විට ගොඩනැගිල්ල කඩා වැටීමේ අවධානමක්ද මතුව තිබෙනවා. 

ගින්නට හේතුව සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.