Friday, September 20, 2024

General line - 0115112241

බොරැල්ල පොලිසියේ තවත් 03ක් අත්අඩංගුවට




අකුණු සන්නායක සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් දෙදෙනෙකු රථ වාහන අංශයේ නිලධාරීන් වන අතර දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ.

සැකකරුවන් හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.