Friday, September 20, 2024

General line - 0115112241

ඩයස්පොරා සමුළුව අමතමින් අගමැති කී කතාව




ශ‍්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු, ව්‍යාපාරික හා මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවයා ඒ බව පැවසුවේ තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ පළමු සැසිවාරයේ ප‍්‍රධාන දේශනය පවත්වමින්. සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත‍්‍රණ කේන්ද්‍රයේ දී අද (18) පෙරවරුවේ මෙම සම්මන්ත‍්‍රණය ආරම්භ වුණා.

අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ දුර්වල යටිතල පහසුකම් සහ දුර්වල ව්‍යාපාරික පරිසරය හා ප‍්‍රතිපත්ති විදේශයන් සමග වෙළඳාමේදී ශ‍්‍රී ලංකාවට ඇති බාධාවන් ලෙස හදුනාගෙන තිබෙන බවයි.

මුහුදු , ගුවන්, මහාමාර්ග, බලශක්ති සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රයන්ගේ පහසුකම් වැඩි කිරීමෙන් මෙම බාධා මගහරවා ගත හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.

මහනුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික මංපෙත් සැකසීම දැනටමත් ආරම්භ කර තිබෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මහනුවර මහා සංවර්ධන ව්‍යාපෘතිය, වයඹ කාර්මික හා සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය සහ දකුණු සංචාරක හා කර්මාන්ත ව්‍යාපෘතිය මීට ඇතුලත් වනවා.

වසර 15ක් ඇතුලත මෙම ව්‍යාපෘතීන් අවසන් කිරීමට නියමිතයි. එමගින් ශ‍්‍රී ලංකාවේ නාගරික බිම් සැකැස්මද වෙනස් වන බව අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.

01 02