Wednesday, February 5, 2025

General line - 0115112241

හිමිනමක් මහ මග අපවත්වෙයි! තවත් අයෙකුත් මරුට




යාපනය - මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත‍්‍රීරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් ත‍්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් කළ හිමිනම බරපතල තුවාල ලබා ඇති අතර අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. අනතුරට සම්බන්ධ වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.