Wednesday, February 5, 2025

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 දී තද වැසි




ඉදිරි පැය විසි හතර තුළ බස්නාහිර, සබගරමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.