ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි කෙරුණු ඉල්ලීමක් අද (16) ප‍්‍රතික්ෂේප කෙරුණා.
ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින්.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට 2008 වසරේදී තත්ත්වයෙන් බාල සැපයුම් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුවකට අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.
ඒ පසුගිය 07වනදායි. සැකකාරිය ලබන මස ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බැවින් අදාළ වරෙන්තුව ආපසු කැඳවන ලෙසයි ඇයගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙම නඩුව අගෝස්තු මස 09 වැනිදා යළි කැඳවීමට නියමිතයි.