Tuesday, May 14, 2024

General line - 0115112241

ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව - හිටපු ජනාධිපති කියයි




බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගෙන සඟවා සිටින්නේ ආණ්ඩුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

හිටපු ජනපති නිල නිවසේ අද පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවකයින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.  

ජාතීන් අතර සංහිදියාවට බාධාවන ක‍්‍රියා වැලැක්වීම ආණ්ඩුවේ කාර්ය භාරයක් වන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.