කොකේන් මත්ද්‍රව්‍ය සමග මෙරටට පැමිණි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අදාළ කාන්තාව ඝනාවේ සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.
ඇය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව සිටි බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41 ක් වන ඝානා ජාතික කාන්තාවක්.
සැකකාරිය සන්තක තිබී කිලෝ ග්‍රෑම් 04 කට අධික කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 142ක් පමණ වන බවයි ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකය පැවසුවේ.