Saturday, May 4, 2024

General line - 0115112241

තමන්ට එරෙහි කුමන්ත‍්‍රණයක් ඇතැයි උතුරේ හර්තාලයේදී විග්නේෂ්වරන් කියයි (PHOTOS)




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාවට විරෝධය පළ කරමින් අද (16) උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාර පැවැත්වුණා. 

යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල කඩ සාප්පු ද වසා දමා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර යාපනයේ පෞද්ගලික බස් රථ ධාවනය ද සම්පූර්ණයෙන් ඇන හිට තිබුණා. 

නල්රූල් ප‍්‍රදේශයේ හර්තාල් ව්‍යාපාරයකට එක් වූ පිරිස ඇමතූ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට එරෙහිව කොළඹ දී ක‍්‍රියාත්මක වූ කුමන්ත‍්‍රණයක් අනූව මෙම විශ්වාස භංගය ඉදිරිපත්ව ඇති බවයි. 

කුමන්ත‍්‍රණය සිදු කළ පුද්ගලයින් පිළිබඳ කථා කිරීමට සූදානම් නොමැති බවයි ඔහු සඳහන් කළේ. 

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් තමන් කුමන ක‍්‍රියාමාර්ගයක් ගත්ත ද මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව තිබීමට නියමිතව තිබූ බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.