Saturday, May 4, 2024

General line - 0115112241

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක්




මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් සිදුව තිබෙනවා. ඒ එම දුම්රිය මාර්ගයේ පයාගල සහ කටුකුරුන්ද අතර දී ඉන්ධන ප‍්‍රවාහනය කරන දුම්රියක කාන්දුවීමක් හේතුවෙන්.

අද (17) අලූයම කොලොන්නාවේ සිට ගාල්ල දක්වා ඉන්ධන රැගෙන ගිය දුම්රියක මෙම කාන්දුව සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අද උදෑසන ධාවනය වීමට නියමිත සියලූ දුම්රිය ප‍්‍රමාද වන බවයි දුම්රිය පාලක මැදිරිය ස`දහන් කළේ.