Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සිම්බාබ්වේ කාලසටහන මෙන්න




සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයේ තරග කාල සටහන ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනූව තරග 05කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අනෙක් තරග 03 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ. ජූනි මස 30 වැනි දා දෙරට අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතයි. 


මේ අතර කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ටෙස්ට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිිකට් ආයතනය තීරණය කර ඇත්තේ. ජූලි මස 14 වැනි දා එම තරගය ආරම්භ වීමට නියමිතයි.