Saturday, May 4, 2024

General line - 0115112241

ජෝන්ගේ ලේකම් රාජිතට?




සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනක සුගතදාස පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඔහු දැනට සංචාරක හා ක‍්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. පසුගිය දා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමග අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ද මාරු කෙරුණා. ඒ අනූව සෞඛ්‍ය අමාත්‍යංශයට පත් කෙරුණේ උදය ආර් සෙනවිරත්නයි. කෙසේ වෙතත් මතුව ආ විරෝධතාවක් හේතුවෙන් ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගත්තේ නැහැ.

සංචාරක හා ක‍්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ජනක සුගතදාස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ ඒ හේතුවෙන්. ඒ අනූව උදය ආර් සෙනවිරත්න සංචාරක හා ක‍්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.