Friday, September 20, 2024

General line - 0115112241

ඇමති ගයන්තගේ නමින් කෙසෙල්ගෙඩි බෙදූ සැකකරුව CID කැඳවයි




අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ නම සහ දුරකතන අංකය සඳහන් කරමින් ගංවතුර ආධාර ලෙස කෙසෙල් ගෙඩි බෙදූ බව කියන පුද්ගලයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුවයි.

ඒ, අනුව අදාළ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත්තේ ලබන 28 වැනිදායින් පසු දිනක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවයි.