Tuesday, February 11, 2025

General line - 0115112241

ඛෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දුම්රිය ස්ථානයේ පිපිරීමක් (VIDEO/PHOTOS)




ඛෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. 

බෝම්බයක් බැදගෙන පැමිණි පුද්ගලයෙකු විසින් දුම්රිය ස්ථානයේ සුළු පිපිරීමක් සිදුකළ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. 

දුම්රිය ස්ථානයේ සිටි හමුදාව ඔහු පිළිබද සැක පහළ කර ඇති අතර එහිදී සැකකරු විසින් කුඩා බෝම්බයක් පුපුරවා හැර තිබුණා. 

එම ස්ථානයේදීම හමුදාව ඔහුට වෙඩි තබා තිබෙනවා. 

කෙසේවෙතත් මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

2016 වසරේ මාර්තු මාසයේදීද අයි එස් සටන්කාමීන් විසින් බ්‍රසල්ස් නුවරට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක‍ෂයට පත් වුණා.