Tuesday, November 26, 2024

General line - 0115112241

ලෝක ටෙස්ට් පිටියට බහින්න වරම් ලැබූ අළුත්ම රටවල් දෙක




ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇති බව ලෝක ක්‍රිකට් සම්මේලන ආරංචි මාර්ග පවසනවා.

 ඊයේ (22) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබීමත් සමග මෙලෙස ටෙස්ට් තත්ත්වය හිමි වනවා.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මීට පෙර  පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ වසර 17 කට පෙරයි.

ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවීමත් සමග ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව ඒ අනුව 12 දක්වා ඉහළ යනු ඇති.