බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් රටේ මතුව ඇති තත්ත්වය සියලූ දෙනා අවබෝධ කර ගත යුතු බව අස්ගිරි විහාර පාර්ශවයේ මහා විහාර පාර්ශවික අනුනායක පූජ්‍ය වේදුරුවේ ශ්‍රී උපාලි නාහිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරට බෞද්ධ විහාරස්ථානවලට ලැබෙන මුදල් ආධාරවලට කුමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි අවබෝධයක් තිබිය යුතු බවයි.
මහනුවර දී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට එක් වූ අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමියන් ද මෙලෙස අදහස් පළ කළා.