Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවෙක්




සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට නික් පෝතස් පත්කර තිබෙනවා. 

ඔහු මෙතෙක් කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි. 

ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ග්‍රැහැම් ෆෝඩ් හදිසියේ ඉල්ලා අස්වීම හේතුවෙන් අලුතින් ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කරන තුරු නික් පෝතස් එම ධුරයට පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි. 

සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න කටයුතු කරනු ඇති.