Saturday, September 21, 2024

General line - 0115112241

දියණියන් දෙදෙනා සහ පුතා එල්ලා මරා ගෙට ගිනි තබා සිය දිවිත් තොර කර ගත් පියාගේ ඛෙදවාචකයේ පරීක්ෂණ ඇරඹෙයි (PHOTOS)




කඹුරුපිටිය - බෙරලිඅතුර ප්‍රදේශයේ දී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.  

මේ වන විටත් අදාළ නිවස සහ ඒ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළා. 

දරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබුණා. ඒ වන විට ඔවුන්ගේ නිවසද ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබෙනවා. 

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අංශයන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 








(මෙම සිද්ධිය සම්බන්ධ තවත් විස්තර මෙතැනින් - දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියා)