Saturday, September 21, 2024

General line - 0115112241

තැපැල් වර්ජනයෙන් රථවාහන දඩ කාපු අයට වෙච්ච වැඩේ




තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වුණා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච් කේ කාරියවසම් නෙත් නිවුස් වෙත කියා සිටියේ ආරම්භ කළ වර්ජනය මේ වනවිට සාර්තක ලෙස ක‍්‍රියාත්මක බවයි. 

ජනතාව අපහසුතාවට පත් නොකර සිය ඉල්ලීම්වලට රජය විසදුම් ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර තැපැල් වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවීමේ දී ජනතාව වැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ද වාර්තා වනවා. 

තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විසසීමකදී තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කළේ මේ වනවිට සිය කාර්යාලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.