Saturday, September 21, 2024

General line - 0115112241

ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදා ජෙනරාල් ධුරයට (UPDATE)




යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මතයි. 

ක්‍රිෂාන්ත ද සිල්වා මීට පෙර ලූතිතන් ජෙනරාල් නිලයේ කටයුතු කළා. 

ඔහු යුද හමුදාපති ධුරයට පත් වුණේ 2015 වසරේ පෙබරවාරි මාසයේයි. 

ලබන අගෝස්තු 22 වනදා  ක්‍රිෂාන්ත ද සිල්වා එම ධුරයෙන් විශ්‍රාම යාමටයි නියමිතව ඇත්තේ.

-------------------------------------------------

හමුදාවට නව ජෙනරාල්වරයෙක් ? - තොරතුරු මෙන්න (27-06-2017 / 12:45PM) (UPDATE)

යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා ජෙනරාල් තත්ත්වයට උසස් කර ඇති බව වාර්තා වනවා.

ඒ මහතා මේ වන විට ලුතිනන් ජෙනරාල් නිළයේ කටයුතු කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් nethnews.lk කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නිළ වශයෙන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.