Saturday, September 21, 2024

General line - 0115112241

යාපනයේදී යතුරුපැදි කණ්ඩායමක් යළිත් ප්‍රහාර අරඹයි




යාපනය, මානිප්පායි ප‍්‍රදේශයේදි ඊයේ (26) රාත‍්‍රියේදී යතුරුපැදි කණ්ඩායමක් පැමිණ පුද්ගලයෙකු කපා කොටා තුවාල සිදු කර දමා ගොස් තිබෙනවා.

මානිප්පායි පොලිසිය පැවසූවේ යතුරුපැදිවලින් මුහුණු ආවරණය කරගෙන පැමිණි කණ්ඩාමක් එලෙස පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ගොස් ඇති බවයි.

යාපනය, මානිප්පායි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඒ.ඩිනක්ෂන් නමැති පුද්ගලයෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මීට පෙරද යතුරුපැදි කණ්ඩායමක් යාපනයේ දී විවිධ කලහාකාරී සිදුවීම් ඇති කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදු කල මෙහෙයුම්වලදී ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට පවා පත් වූ අතර ඒත් සමගම එම ක්‍රියා පාලනය කිරීමට පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ සමත් වුණා.