Saturday, September 21, 2024

General line - 0115112241

මහින්දගේ රියදුරා රිමාන්ඩ්




කොරතොට ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් දෙකෝටි අනූනවලක්ෂ තිස් අටදහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩන්ගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ රියදුරු ලෙසට කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන සහ හිටපු  පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ජූලි මස 11 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර අද (27) නියෝග කළා.

තිස්ස විමලසේන සහ ලාල් ප්‍රියන්ත පීරිස් නැමැති සැකකරුවන්  මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩන්ගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර තිබුණා.