Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්කාලීන පුහුණුකරුවෙක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පෝතස් පත්කර තිබෙනවා. 

ඒ, එළඹෙන සිම්බාබ්වේ සහ ඉන්දීය තරග සංචාර ඉලක්ක කර ගනිමින්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ වුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකු ඉදිරියේදී පත්කිරීමට නියමිතයි. 

එතෙක් නික් පෝතස් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරනු ඇති.