Saturday, September 21, 2024

General line - 0115112241

සිසුන් බඳවා ගැනීමට සයිටම් ආයතනය සූදානම්




සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානය කිරීම නතර කිරීමට රජය ගත් තීරණයට තමන් එකඟ නොවන බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසනවා. 

ලබන සතියෙන් පසුව තමන්ට සිසුන් බඳවා ගැනීමට හැකිවනු ඇති බවද ඔහු සදහන් කළා. 

මේ අතර මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. 

ඒ, අද පැවති කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයකට අනුවයි. 

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමණාකාරිත්වය පුළුල් කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැත්වුණා.