Tuesday, January 7, 2025

General line - 0115112241

සයිටම් ගැන රජයේ යෝජනා තුනෙන් එකකට වෛද්‍යවරු එකඟ වෙයි




සයිටම් අර්බුදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී ගනු ලබන තීරණ මත වැඩවර්ජනයකට යනවාද නැද්ද යන්න තීරණය කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල නොව, රජයට පවරා ගත යුත්තේ සයිටම් ආයතනය බවයි.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පවරා ගැනීම රජයට තවත් බරක් වනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඊයේ ඉදිරිපත් කළ යෝජනා තුනෙන් එක් යෝජනාවක් වන එම ආයතනය ලාභ නොලබන පුණ්‍යායතනයක් ලෙස පවත්වාගෙන යාමට තමන්ද එකග වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. එමගින් සයිටම් ආයතනය ජනසතු වන බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

අනෙක් යෝජනා දෙක වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යෑම සහ සියයට 51 ක කොටස් රජය සතුව තබාගෙන අනෙක් කොටස් 49 කොටස් වෙළදපොළ වෙත යොමු කිරීමයි.