Saturday, September 21, 2024

General line - 0115112241

ලක්ෂ 38ක හොර සල්ලි අල්ලයි




මෙම වසරේ පළමු මාස 05 ඇතුළත පොලිසිය රට පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් තිස් අට ලක්ෂ අනූ හතර දහස් හයසීයක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගෙන තිබෙනවා. සොයා ගෙන ඇති වැඩිම ව්‍යාජ මුදල් නෝට්ටු ප‍්‍රමාණයක් රුපියල් දහසේ ඒවායි.

එම සංඛ්‍යාව දෙදහස් දෙසීය හැත්තෑ දෙකක්. රුපියල් පන්සියේ ව්‍යාජ මුදල් නෝට්ටු එක්දහස් තුන්සිය විස්සක් ද රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 174ක් ද සොයා ගෙන තිබෙනවා. ඊට අමතරව රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 46ක් සහ රුපියල් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් ද වැටලීම්වලින් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර රුපියල් ලක්ෂ 06ක් වටිනා රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පෙරේදා මතුගම ප‍්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගැණුනා.