Saturday, September 21, 2024

General line - 0115112241

අධිකරණ පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කරන්න නීතිඥ සංගමය නෙත් සමග එක්වෙයි




නෙත් එෆ්.එම්. රේඩියෝව සමග ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ද එකමුතුව තමන් වෙසෙන පරිශ‍්‍ර මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීමට ආදර්ශයක් හා මග පෙන්වීමක් ලබාදීමේ අරමුණින් රට පුරා සියලූ අධිකරණ පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් හෙට (01) දිනයේ සිදු කරන බව එහි සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා කියා සිටියා.

වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව ඉකුත්දා ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කළා. ඒල නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායන්ගේ ද සහභාගීත්වයෙන්. රට පුරා අධිකරණ පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයද නෙත් එෆ් එම් රේඩියෝව සමග එකමුතු වී සිදු කිරීමට තීරණය කළේ මෙය ද සැලකිල්ලට ගනිමින් බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පැවසුවේ.
 

රට පුරා අධිකරණ පරිශ‍්‍රවල හෙට සිදු කෙරෙන මෙම ශ‍්‍රමදාන වැඩසටහන සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ කොමිසන් සභාව හරහා සියලූ විනිසුරුවරුන්දල අධිකරණ අමාත්‍යංශය ද දැනුවත් කර ඇතැයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.