බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කරන බවට අනතුරු හඟවනවා.
nethnews.lk සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් සිටින අතර ජනාධිපතිවරයා ඔවුන් සමග ද සාකච්ඡා කළ යුතු බවයි.
සමන්ත විද්‍යාරත්න අදාළ උමා ඔය ව්‍යාපෘතිය නිසා ගැටලුවට මුහුණ දෙන එක් පාර්ශ්වයක් පමණක් නියෝජනය කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අනෙක් පාර්ශ්ව සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා කළ යුතු බවයි අවධාරණය කළේ.
" ගැටළුව සඳහා විසඳුම් නොමැති නම් ස්වාධීනව කටයුතු කිරීමට මම සුදානම්" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් කියා සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30 ) සවස 6ට ජනපති නිල නිවසේ දී උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිව තිබෙන ගැටලු සම්බන්ධයෙන් සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ එක් පාර්ශ්වයක් සඳහා සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.