Saturday, September 21, 2024

General line - 0115112241

තැපෑල යළි වැඩ




දින කිහිපයක් සිදු කළ සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ආණ්ඩුවේ නියෝජිතයින් සමග ඊයේ (29) පැවති සාකච්ඡුාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි එහි සම කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් තැපැල්පති රෝහණ අබේරත්නගෙන් ද ප‍්‍රශ්න කළා. ඔහු පැවසුවේ ඊයේ පැවති සාකච්ඡාවේදී එළඹි එකඟතා කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවයි. 

මේ  අතර සිය වැඩවර්ජනය අත්හිටුවීම නිසා සියලූ තැපැල් සේවකයින් අද (30) සිට සාමාන්‍ය රාජකාරි ආරම්භ කරනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ කියා සිටියා. 

එළඹි එකඟතා පොරොන්දු වූ පරිදි සති දෙකක් ඇතුළත ඉටු නොකළහොත් දැනුම් දීමක් නොමැතිව නැවත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.