Saturday, September 21, 2024

General line - 0115112241

උතුරේ මන්ත්‍රීවරු පිරිසක් රහස් සකච්ඡාවක




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ එම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් පිරිසක් රහස් සාකච්ඡාවක් සඳහා නැවත රැස්වීමට සූදානම් වනවා. උතුරු පළාත් සභාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ කාන්තා කටයුතු අමාත්‍යවරියගේ පත්කිරිම් පිළිබඳව එහි දී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය එමානුවෙල් ආර්නෝල්ඞ් මන්ත‍්‍රීවරයාගේ නම යෝජනා කර තිබෙනවා. එහෙත් ඒ බව නොසලකා ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ කන්දයියා සර්වේෂ්වරන් මන්ත‍්‍රීවරයායි. මේ අනූව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් ප‍්‍රධාන අමාත්‍යවරයා පිලිබඳ නැවතත් නොසතුටින් සිටින බව දේශපාලන ආරංචි කියා සිටියා.