විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් මෙම වසරේ පළමු මාස 05 දී ඇස්තමේන්තු කළ වියදමට වඩා රුපියල් බිලියන 33ක් වැය කිරීමට සිදුවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. ඒ අනූව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි පාරිභෝගිකයින්ගේ නැවත ඉල්ලා සිිටින බවයි එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.
ඉකුත් සමයේ දී කිසියම් ප‍්‍රමාණයක් වැසි ලැබුණ ද බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම අපේක්ෂා කළ තරම් ඉහළ යාමට එම වැසි ප‍්‍රමාණවත් නොවූ බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
ජල විදුලි නිෂ්පාදනය ප‍්‍රශස්ත මට්ටමේ පැවතීමට නම් බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම ඒවායේ ධාරිතාවයෙන් සියයට 75ක් වත් විය යුතු බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියා සිටියා.
මේ අතර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ අවධාරණය කළේ කුමන් අභියෝග පැමිණියත් මෙම අවස්ථාවේදී විදුලිබිල වැඩි නොකරන බවයි.