Saturday, September 21, 2024

General line - 0115112241

පිළියන්දල පොලිසියට වෙඩි තැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයේ කළ වැටලීමකදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවගෙන් ප්‍රශ්න කිරීමේදී අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කළ ගිනි අවි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය සහ ටිපර්  රථයක්ද පොලීසිය විසින් අණාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් (31) හැවිරි සහ (57) හැවිරිදි වියේ පසුවන්නන් වනවා. ඔවුන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.