Saturday, September 21, 2024

General line - 0115112241

හොර සල්ලි ගැන මේ අංකයට කියන්න




ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ තොතුරු ඇත්නම් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 0112 326 670 දුරකථන අංකය ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. 

ඉකුත් කාලය පුරාම රට පුරා ප‍්‍රදේශ රැසකින් ව්‍යාජ මුදල් නෝට්ටු සංරණය වීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ව්‍යාජ මුදල් නොට්ටු සංසරණයේ ක‍්‍රමික වර්ධනයක් ද දක්නට ලැබෙන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. මෙම වසරේ මුල් මාස 05 තුළ පමණක් විවිධ වටිනාකම්වලින් යුත් ව්‍යාජ මුදල් නොට්ටු හාරදහසකට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් තිස් නව ලක්ෂයකට ආසන්නයි.