Saturday, April 27, 2024

General line - 0115112241

දෝණිගෙන් තවත් වාර්තාවක්




ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි ඊයේ තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ, එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලූ රකින පිතිකරුවන් අතර ලොව වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වෙමින්. 

කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේ දී මහේන්ද්‍ර සිං දෝණි රැස් කළ ලකුණු 78ත් සමග ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 9430ක් වනවා. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු දහතුන් දහස් 341ක් රැුස් කළ කුමාර් සංගක්කාර පමණයි.