Friday, September 20, 2024

General line - 0115112241

බැසිල් ඇතුළේ! නිලධාරීන් නිදැල්ලේ!




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් වගකිව යුතු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු කිසිදු විනය පරීක්ෂණයක් හෝ නොමැතිව තවමත් රාජ්‍ය සේවයේ සිටින බව කැෆේ සංවිධානය පවසනවා. බැසිල් රාජපක්ෂ මහතා චෝදනාවට ලක්ව සිටින්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන්.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පළාත් පාලන ආයතනවලට කෙරුණු යකඩ බට බෙදාදීමකදී මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුව ඇති බවද කැෆේ සංවිධානය කියා සිටියා. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ ඊට වගකිව යුතු සෙසු නිලධාරීන්ගෙන් කිහිපදෙනෙකු මේ වන විට සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යංශයට අනුයුක්තව ද සේවය කරන බවයි.

මූල්‍ය ප‍්‍රතිලාභ ලැබූ නිලධාරීන්ට එරෙහිව අදාළ මූල්‍ය අක‍්‍රමිකතාවට වගකිව යුතු තවත් නිලධාරීන් පිරිසක් ද සිිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඔවුන්ට එරෙහිව ද විනය පියවර ගතයුතු බව කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළා.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රී කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට රැගෙන විත් තිබෙනවා.